රාජිත සේනාරත්න
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කැබිනට් හමුව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස නව පක්ෂයක් ගොඩනැගුව හොත් සියලු රහස් හෙළි කරන්නේ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශය මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ප්‍රකශ කළ ආන්දෝලනයට තුඩු දුන් දූෂණ පිළිබඳ "ෆයිල් තියනවා, ඒත් පාවිච්චි කරන්නේ නැහැ" ප්‍රකාශයට ඇතැමුන් මෙම ප්‍රකාශය ද සමාන කල අතර ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී සංවිධාන ජනාධිපතිවරයා වහාම මෙම හිටපු පාලකයා පිළිබඳව සඟවා ගෙන ඇති රහස් එළි කළ යුතු බවටද ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය ගැන අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බිබිසියේ කොළඹ වාර්තාකරු අසාම් අමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්න කළේය.

"රහසුයි ෆයිලුයි කියන්නේ දෙකක්, එතුමා රහස් මොනවාද කියල කිව්වේ නැහැ, මේවා දේශපාලන රහස් නෛතික, භෞතික, මුල්‍යම ඒවා නෙවෙයි"

"රහස් කිව්වම තමුන්නාසේලා හිතනවා හොරුන් ගැන කියලා, එහෙම එකක් නැහැ කොච්චර රහස් තියෙනවද මිනිස්සුන්ට, පක්ෂේ සභාපතියි, ලේකම් අතර කොච්චර රහස් තියෙන්න ඇත්ද ? " අමාත්‍ය රාජිත සේනාරත්න පිළිතුරු දුන්නේය.

ජනාධිපති සිරිසේන කළ ප්‍රකාශය:

"අපිව පෙරළන්න අලුත් පක්ෂ හදනවලු, හදල බලමු, අලුත් පක්ෂයක් හදපු දවසට මෙතෙක් කල් රහස් විදිහට තියා ගත්ත දේවල් සියල්ල එලියට දාල ඒගොල්ලන්ට සදාකාලිකව ආණ්ඩු කරන්න නෙවෙයි මහ පාරේ ඇවිද ඇවිද ඉන්න අවශ්‍ය වටපිටාව මේ රටේ හදනවා"