ඩිල්ශාන් එක්දින සහ විස්සයි විස්ස තරඟ වලට සමුදෙයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඩිල්ෂාන් දැවැන්තයෙක් -අර්ජුන

ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ලබා ගැනීම සඳහා තිලකරත්න ඩිල්ෂාන්ගෙන් ඉටු වූ සේවය අමතක කළ නොහැකි බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

ඔහු මේ බව බීබීසී සංදේශයට කියා සිටියේ එක් දින සහ විස්සයි විස්ස තරඟවලින් සමු ගැනීමට තීරණය කළ බව තිලකරත්න ඩිල්ෂාන් නිවේදනය කිරීමෙන් අනතුරුවයි.

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන තිලකරත්න දිල්ශාන් සංදේශයට කියා සිටියේ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම සඳහා එක් දින සහ විස්සයි විස්ස තරඟ වලින් සමු ගැනීමට තීරණය කළ බවයි.

දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි තරඟයෙන් පසු එක් දින තරඟ වලින් සමුගන්නා බව පැවසූ ඔහු කියාසිටියේ සැප්තැම්බර් 9 වැනිදා කොළඹදී පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරඟයෙන් පසු විස්සයි විස්ස තරඟ වලට ද සමුදෙන බවයි.