වන අලි ප්‍රහාර
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කරුවලගස්වැව වන අලි ප්‍රහාරයෙන් දෙදෙනෙක් මරුට

පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මගී වෑන් රථයකට එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් මේ වන විට දෙදෙනකු මරුමුවට පත් වී තිබේ.

ඒ අතර දරුවකුද සිටින බවයි වාර්තා වන්නේ.

ඉහත කී දරුවා මිය ගොස් ඇත්තේ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

ප්‍රහාරයට ලක් වන අවස්ථාවේ වෑන් රථයේ ගමන් ගත් තවත් නව දෙනෙකු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

වෑන් රථයේ ගැටීමත් සමග කෝපයට පත් වන අලියා ඊට පහර දී ඇති බව විශ්වාස කෙරේ.

වන අලියාටද තුවාල සිදු වී ඇති බව විශ්වාස කෙරෙන අතර වනජීවී නිලධාරීන් අලියා සොයමින් සිටින බවත් වාර්තා වේ.

සබැඳි විෂයයන්