'ආක්‍රමණික ශාක වන අලි ගම් වැදීමට හේතුවක්'

Image caption ආක්‍රමණික ශාක වන සතුන් ආහාරයට ගන්නා දේශීය ශාක විශේෂ යටපත් කරමින් ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන තුළ ආහාර අහේනියක් පවතින බවයි පැවසෙන්නේ

ආක්‍රමණික ශාක වන සතුන් ආහාරයට ගන්නා දේශීය ශාක විශේෂ යටපත් කරමින් ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන තුළ වන සතුන්ට ආහාර අහේනියක් මෙන්ම ආරක්ෂිත වාසස්ථාන අහිමි වීමක්ද සිදුවෙන බවට පරිසර විශේෂඥයෙකු අදහස් දක්වයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන සියල්ලක්ම වන සතුන්ගේ වාසයට නුසුදුසු ස්ථාන බවට පත් වෙමින් තිබෙන බවයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යලයේ සත්ව විද්‍යාව පිළිබඳ කථිකාචාර්‍ය පරිසරවේදී සමින්ද ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ.

Image caption මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් මෙම වැඩමළුව සංවිධානය කර තිබුණි.

සමින්ද ප්‍රනාන්දු මේ බව අනාවරණය කළේ ත්‍රීකුණාමලේදී පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් මෙම වැඩමළුව සංවිධානය කර තිබුණි.

ආනනයනික ආගන්තුක ශාක ඉතා දැඩි ලෙස ජාතික වන උයන් අක්‍රමණය කිරීම මීට හේතුව හැටියට පෙන්වා දෙන කථිකාචාර්ය සමින්ද ප්‍රනාන්දු බුන්දල, උඩවලවේ, මින්නේරිය, ඇතුළු සියළුම වනෝද්‍යාන එකිනෙකට වෙනස් ආක්‍රමණික ශාකයන් වල ගොදුරුබිම් බවට පත්ව ඇති බවත් වන අලි ගම් වැදීමට මෙය එක් හේතුවක් බවත් පවසයි.

Image caption ගිනි තණ නමැති තෘණ විශේෂය විශාල වශයෙන් වනෝද්‍යාන තුල පැතිරී ඇති බවයි පැවසෙන්නේ

"උද්භිද උද්‍යන අලංකරණය, වන වගාවන් සහ සත්වාහාර හැටියට විදේශවලින් ආනයනය කළ කළ අන්දර, ගිනිතණ, යුලෙක්ස්, වෙඩේලියා, ගල් ගොරක, ගදපාන, පතන් පාළු, කට කළු බෝවිටියා, ඇතුළු ශාක වර්ග විස්සක් වර්තමානය වනවිට ජාතික වනෝද්‍යාන වලට බරපතල හානියක් සිදුකර තියෙනවා. තවත් ශාක වර්ග විසි අටක් අවදානම් සහ විභයන් සහිත නම් ලැයිස්තුවට ඇතුළත්. මෙය ඉතාම අනතුරු දායක තත්වයක්. වසර දෙසීයක පමණ කාලයක් තිස්සේ මේ ශාක ආක්‍රමණය සිදු ‍වෙනවා. ඇළ ‍දොළ ගංගා සුළඟ හැ පක්ෂීන් මගින් මේ ශාක බීජ වේගයෙන් ව්‍යාප්ත වෙනවා.නැවත ඉහත ජල මාර්ග වලික් ලබාගන්නා වැලි සමග ලොරි රථ මගින් ශාක බීජ රට පුරා ප්‍රවාහනය කරනවා. ජනතාව ගෘහාලංකාර සදහත් ආක්‍රමණික ශාක වගාකරවා. ඇත්තටම මේ නිසා ලංකාවට ආවේනික දේශීය ශාක විශේෂ පන් දහසක් පමණ තර්ජනයට ලක්ව තියෙනවා" යැයි කථිකාචාර්යවරයා පැවසීය.

හම්බු පන් නැමති ආක්‍රමණික ශාකයේ මල් සතුන්ට පමණක් නොව මිනිසුන්ටද ස්වසන රෝග ඇති කරන බවට සත්ව විද්‍යඥයින් සැක පළකරන බව ඔහු කියයි.

කෙසේ වෙතත් මෙම අනතුරු දායක ආක්‍රමණික ශාක මර්දනය කිරීමට නිසි වැඩ පිළි වෙලක් හෝ ශක්තිමත් නීති පද්දතියක් තවම සැකසී නැති බවද කතිකාචාර්ය සමින්ද ප්‍රනාන්ද

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර