කැම්බර් සෑන්ඩ්ස් අනතුර
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තරුණයන් මියගිය කැම්බර් සෑන්ඩ්ස් වෙරළේ සිදුවූයේ කුමක්ද?

  • 2016 අගෝස්තු 28

පසුගිය බදාදා බ්‍රිතාන්‍යයේ කැම්බර් සෑන්ඩ්ස් ප්‍රදේශයේදී මුහුදේ ගිලී මියගිය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයන් පස්දෙනාගේ අවමඟුල් උත්සව පැවැත්වෙන දිනය තවමත් ප්‍රකාශයට පත් වී නොමැත.

ඔවුන් සියලුදෙනාගේම අවමගුල් උත්සව එකම දිනයක එකම ස්ථානයක පැවැත්වීමට ඔවුන් වාසය කළ නැගෙනහිර ලන්ඩනයේ ප්ලම්ස්ටඩ් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජා නායකයන් සැලසුම් කරමින් සිටින බව බීබීසී සංදේශයට වාර්තා වේ.

ඒ ඛේදවාචකය හමුවේත් කැම්බර් සෑන්ඩ්ස් වෙරළට සංචාරකයන් තවමත් ඇදී එමින් සිටින බවයි එහි චාරිකාවක යෙදුනු සංදේශයේ සරෝජ් පතිරණට දැකගන්නට ලැබුණේ. (වීඩියෝ පටය නරඹන්න)

බදාදා වෙරළේ ජීවිතාරක්ෂයන් සේවයේ යොදවා සිටියේ නම් සිය ඥාතීන්ගේ ජීවිත බේරාගැනීමට හැකියාව තිබුණු බවයි අනතුරින් මියගිය තරුණයන්ගේ ඥාතීන් පවසන්නේ.

එල්ල වන විවේචන හමුවේ මේ සතියේ සෙනසුරාදා සිට සඳුදා දක්වා පමණක් ජීවිතාරක්ෂකයන් තාවකාලිකව රැඳවීමට ප්‍රදේශයේ නගර සභාව තීරණය කර තිබේ.

එවැනි අනතුරු කිහිපයක්ම සිදුවුවත් කැම්බර් සෑන්ඩ්ස් වෙරළ ඉතා සුරක්ෂිත බව ප්‍රාදේශීය බලධාරීහු අවධාරණය කරති.

කෙසේ නමුත් එහි හදිසියේ මතුවන දැඩි රල පහර පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ජනමාධ්‍යවල වගකීම බව වෙරළේ සිටි කාන්තාවක් සංදේශයට කියා සිටියාය.