ගෝඨාභයට නඩු

Image caption 'ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් රජයට රුපියල් බිලියන 11.4 කට වැඩි පාඩුවක් සිදු කර ඇති බව'

පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාම සඳහා පුද්ගලික සමාගමකට අනුමැතිය දීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට නඩු පවරයි.

අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත්තේ 2012 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ ඇවන්ගාර්ඩ් පුද්ගලික සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් රජයට රුපියල් බිලියන 11.4 කට වැඩි පාඩුවක් සිදු කර ඇති බවයි.

Image caption විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම්ට අමතරව තවත් හත් දෙනෙක්

අල්ලස් කොමිසම පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම්ට අමතරව තවත් හත් දෙනෙකු නම් කර ඇත.

මෙම විත්තිකරුවන් අතර ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපතිවරයෙකු වූ ජයනාත් කොළඹගේ යන අය ද සිටිති.

අල්ලස් හෝ දූෂණ චෝදනා පනතේ විධි විධානයන්ට අනුව මෙම චෝදනා පත්‍ර ඉදිරිපත් කරන බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

බීබීසී යෙන්