'අළුත් ජනාධිපතිකෙනෙක් ඇවිත් නීතිය ආරක්ෂා කළා'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මරණ දඬුවම සතුටක් නොවෙයි -හිරුණිකා

ආණ්ඩුව වෙනස් නොවුනා නම් නඩු තීන්දුවද වෙනස් වන්නට ඉඩ තිබූ බව, භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව පිළිබඳව අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන්නීය.

'අලුත් ජනාධිපති කෙනෙක් ඇවිල්ල මේ රටේ නීතියේ ස්වාධිපත්‍යය ආරක්ෂා වූ නිසා තමයි අපිට හරි තීන්දුවක් ලැබුනේ.' ඇය පැවසීය.

'එසේම ඝාතනයට ලක් වූ ලසන්ත, ප්‍රගීත්, තාජුදීන් වැනි අයගේ පවුල්වලටත් සාධාරණයක් වුනොත් ඒ අයටත් සැනසිල්ලක්' වනු ඇති බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කියා සිටියේ.

'මරණ දඬුවම ගැන සතුටුවෙන්න බෑ. තව කෙනෙකුට කරදරයක් වෙන එක බලල සතුටු වෙන්න තරම් අමානුෂික නැහැ අපි' ඇය තවදුරටත් පැවසීය.