ලසන්ත ඝාතනය: තවත් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්

Image copyright Getty Images
Image caption මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිය මෝටර් රථයෙන් කාර්යාලයට ගමන් කරමින් සිටිය දී වෙඩි තබා ඝාතනය කෙරුණේ 2009 වසරේ දීයි

වෙඩි තබා ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ගේ දේහය යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණය අවසර ලබා දෙයි.

අදාළ නඩු විභාගය අද (08) කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ මෙම අවසරය ලබා දී තිබේ.

මේ අනුව, ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග ගේ මෘත දේහය මේ මස 27 වැනිදා යළි ගොඩ ගැනීමට නියමිතයි.

වාස් ගුණවර්ධන

මෙම ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව ඒ සඳහා ද මහේස්ත්‍රාත්වරයාගේ අවසරය ලැබුණි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිය මෝටර් රථයෙන් කාර්යාලයට ගමන් කරමින් සිටිය දී වෙඩි තබා ඝාතනය කෙරුණේ 2009 වසරේ දීයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.