මහින්දානන්ද රිමාන්ඩ් භාරයට

Image caption සැකකාර මන්ත්‍රීවරයා විසින් අත්පත් කර ගෙන තිබෙන තවත් දේපළ කිහිපයක් ගැන ද පරීක්ෂණ

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි.

සැකකාර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේ සැකකරු අයථා ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 27ක මුදලක් යොදවා කොළඹ කිංසි පාරේ නිවසක් මිල දී ගෙන ඇති බවයි.

'තවත් දේපළ කිහිපයක්'

මෙම නිවස මිල දී ගැනීමට අදාළ මුදල් සැකකරුගේ බැංකු ගිනුමෙන් ගෙවා ඇති බව සනාථ වී ඇතැයි කියා සිටි රහස් පොලිසිය තවත් මිලියන 10 ක පමණ මුදලක් නීති විරෝධී ආකාරයට උපයා ගෙන ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බව ද කියා සිටියේය.

ඊට අමතරව සැකකාර මන්ත්‍රීවරයා විසින් අත්පත් කර ගෙන තිබෙන තවත් දේපළ කිහිපයක් ගැන ද පරීක්ෂණ පවත්වන බැවින් මෙම අවස්ථාවේ දී සැකකරු ඇප මත නිදහස් කළහොත් පරීක්ෂණවලට බාධා සිදු විය හැකි බවයි රහස් පොලිසිය ප්‍රකාශ කළේ.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු අධිකරණය සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ලබන 22 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර