ගයාශාන් කොළඹින් මතු වෙයි
හම්බන්තොට පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදහන් වූ බවට වාර්තා වූ තරුණයා සොයා ගත් බව පොලිසිය නිවේදනය කරයි.
මාතර, දික්වැල්ල ප්රදේශයේ විහාරස්ථානයක සිටි ගජසිංහ ගමගේ ගයාශාන් නමැති විසි හැවිරිදි මෙම තරුණයා කොළඹ පොලිස් මුලස්ථානයට භාර දෙනු ලැබ ඇත්තේ භික්ෂූන් වහන්සේ නමක් විසිනි.
බඳගිරිය ප්රදේශයේ සිදු වූ බව කියන වී සොරකමකට අදාලව මෙම තරුණයා පොලිසියට රැගෙන ගිය බවත් ඉන් පසුව අතුරුදහන් වී ඇති බවත් පවුලේ ඥාතීහු පැවසුහ.
මෙම සිද්ධියට අදාලව හම්බන්තොට පොලිසියේ සිව් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
පොලිස් මූලස්ථානයට භාර වූ බඳගිරියේ තරුණයා පොලිස් අත් අඩංගුවට ගෙන හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.