හිටපු ගුවන් හමුදාපතිවරයා FCIDයට

මිග් යානා ගණුදෙනුව: ලිපි ලේඛන අස්ථානගතයි

හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවනු ලැබ තිබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා මිග් යානා මිලදී ගැනීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බවට ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා මීට ඉහත අවස්ථා කීපයකදීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණි.

මේ අතර අදාළ මිළදී ගැනීම් හා සම්බන්ධ ප්‍රධාන ලේඛන අස්ථාන ගත වීම පිළිබඳ පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය අගෝස්තු 09 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර