හිරුණිකාට පිටරට තහනම්

Image caption පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

පුද්ගලයෙකු පැහැර ගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් නව දෙනකුගේ විදෙස් ගමන් අත්හිටුවන මෙන් කොළඹ මහාධිකරණය අද (21)නියෝග කළේය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මහාධිකරණය විත්තිකරුවන්ට තරයේ අවවාද කර ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මස දිනක කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු පැහැර ගෙන ගොස් ඔහුට තර්ජනය කිරීම සම්බන්ධයෙනි නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙන්නේ.

අදාළ නඩුව අදකැඳ වූ අවස්ථාවේ හිරුණිකාප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකරුවන් මුදල් සහ ශරීර ඇප මත නිදහස් කළ කොළඹ මහාධිකරණය නඩු විභාගය ලබන වසරේ ජනවාරි මස 10 වනදා කැඳවන ලෙසයි නියෝග කළේ.

තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන්නේ..

කිසියම් පුද්ගලයින් කණ්ඩායමක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් තමා පුද්ගලයෙකු පැහැර ගෙන යාමට අදාළ නඩුවට පටලවා ඇති බවත් මන්ත්‍රීවරිය පවසන්නීය.

බීබීසී යෙන්