සාමාන්‍ය පෙළ කුසලතා මනින කඩඉම විය යුතුද?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සාමාන්‍ය පෙළ කුසලතා මනින කඩඉම විය යුතුද?

රජය ඉදිරිපත් කරන නව අධ්‍යාපන සැලසුම් අනුව සාමාන්‍ය පෙළ විභාගය අසමත් වන සිසුවන්ට අධ්‍යාපනයෙන් සදාකාලිකව සමු ගැනීමට සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

සියලුම පාසල් දරුවන්ට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම 2018 වන විට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසු සිසුවියන් 27603 දෙනකු සරසවි වලට ඇතුළු කර ගන්නා බවයි නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගය සමත් වන ශිෂ්‍යයන් සියල්ලටම සරසවි දොරටු විවෘත නොවන අතර දැනට බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රමාණවත් මට්ටමක තිබේද?

රටේ අධ්‍යාපනය වෙනුවෙන් එම වැඩ පිළිවෙල වැදගත් වන්නේ කෙසේද ? සංදේශය මෙම ප්‍රශ්න යොමු කළේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාරිනී ආචාර්ය හරිනි අමරසූරියට. සම්පූර්ණ සාකච්ඡාව ඇතුළත් වීඩියෝව නරඹන්න.