ජෙරමි කෝබින් අභියෝගය ජය ගනියි

Jeremy Corbyn Image copyright PA
Image caption කම්කරු පක්ෂයේ ඉදිරි ගමනට එක් වන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටි ජෙරමි කෝබින් කම්කරු පක්ෂය යළි එක් සේසත් කොට නගා සිටුවන බවට ප්‍රතිඥා දුන්නේය

සිය ප්‍රතිවාදියා වූ ඕවන් ස්මිත් පරාජයට පත් කරමින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් පක්ෂ නායක ධුරයට යළි තේරී පත් වෙයි.

ප්‍රකාශිත ඡන්දවලින් 61.8% ක් ලබා ගනිමින් ජෙරමි කෝබින් යළි පක්ෂ නායකත්වයට පත් වූයේ පසුගිය වසරට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි.

කම්කරු පක්ෂයේ ඉදිරි ගමනට එක් වන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටි ජෙරමි කෝබින් කම්කරු පක්ෂය යළි එක් සේසත් කොට නගා සිටුවන බවට ප්‍රතිඥා දුන්නේය.

Image copyright EPA
Image caption කම්කරු පක්ෂයේ නායකත්වයට තරඟ කළ ජෙරමි කෝබින් සහ ඕවන් ස්මිත්

වෘත්තීය සමිති සාමාජිකයන් සහ ලියාපදිංචි ආධාරකරුවන් ඇතුළු ලක්ෂ පහකට අධික පක්ෂ සාමාජිකයෝ පක්ෂ නායකත්වය සඳහා ඡන්දය ප්‍රකාශ කළහ.

ලිවර්පූල් නගරයේ පැවති කම්කරු පක්ෂ සමුළුවේ දී ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරුණු අතර ජෙරමි කෝබින් ඡන්ද 313,209 ක් ලබා ගෙන තිබූ අතර ඕවන් ස්මිත් ඡන්ද 193,229 ලබා ගෙන තිබුණි.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්