පිපාසයෙන් ගම් වදින සතුන් මැරුවොත් දැඩි දඬුවම්

Image caption ගම් වදින වන සතුන් මරා දමන්නන්ට එරෙහිව දැඩි පියවර

දැඩි නියඟය නිසා ජලය සොයා ගම් වදින වන සතුන් මරා දමන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පවසයි.

පිපාසයෙන් දැඩි පීඩාවට පත් වී සිටින වන සතුන් ගම් වැදීමේ සම්භාවිතාව ඉහල ගොස් ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසද බලධාරීහු ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටිති.

Image caption ජාතික උද්‍යානවලට දැඩි නියඟය

ජලය සොයා ගෙන වන සතුන් ගම්වැදීම නතර කිරීම සඳහා ජාතික උද්‍යානවලට බවුසර් මගින් ජලය සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන ඇමතිනී සුමේධා ජී. ජයසේන පවසන්නීය.

මීට අමතරව ඇතැම් ජාතික උද්‍යානවලට සුර්ය ශක්තිය මගින් ක්‍රියාත්මක ජල පොම්ප මගින් ගංගාවලට ජලය ලබා දීමේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර