'ෆෙඩරල් ව්‍යවස්ථාවක් නොව අයිතිවාසිකම් ව්‍යවස්ථාවක්'

නව ව්‍යවස්ථාව: 'ෆෙඩරල් නොව අයිතිවාසිකම් ව්‍යවස්ථාවක්' Image copyright Getty/ ISHARA S.KODIKARA

පීඩාවට සහ වේදනාවට පත් වූ සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කෙරෙන 'අයිතිවාසිකම් ව්‍යවස්ථාවක්' ශ්‍රී ලංකාවට අවශ්‍ය බව පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාවල බන්දුල පවසයි.

යුද්ධයකට මුහුණ දුන් රටක් යුද්ධය අවසන් වූ වහාම කළ යුත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීම බවත් ඔහු කියා සිටියේ ජාතික සංහිඳියාව සහ ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය යන මැයෙන් ත්‍රිකුණාමලයේ පැවති වැඩමුළුවකදී.

''අපිට තාම බැරි වුනා නව ව්‍යවස්ථාවක් සකස් කර ගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියන්නේ පීඩාවට පත් සුළු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන ව්‍යවස්ථාවක් සැකසීම. දැන් යෝජනා කොට තිබෙන්නෙත් එවැන්නක්," සෙනසුරාදා පැවති වැඩමුළුව අමතමින් ඔහු පැවසීය.

''එවැනි ව්‍යවස්ථා හඳුන්වන්නේ ෆෙඩරල් ව්‍යවස්ථා කියලා නොවෙයි. ඒ කියන්නේ සංධීය ආණ්ඩු නොවෙයි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අයිතිවාසිකම් ව්‍යවස්ථාවක්. දකුණු අප්‍රිකාව එවැන්නක් ඉතා හොඳින් හැදුවා."

වත්මන් ව්‍යවස්ථාව රටේ සංහිඳියාව ගොඩ නැගීමට ප්‍රබල බාධාවක් වී ඇති බවත් පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කොතෙක් කල් මැරුවත් පවතින ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබී නොමැති බවයි පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාවල බන්දුල වැඩිදුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්