'උසාවිය නිහඬයි' නිහඬ කෙරෙයි

  • 2016 ඔක්තෝබර් 5
Image copyright Thinkstock
Image caption ලබන 19 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක්

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද 'උසාවිය නිහඬයි' චිත්‍රපටිය තිරගත කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කරයි.

හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

පැමිණිලිකාර හිටපු මහේස්ත්‍රාත්වරයා කියා සිටින්නේ තමා මහව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ අවධියේ කාන්තාවක දූෂණය කල බවට දැක්වෙන අසත්‍ය පුවතක් ඇතුළත් කර අදාළ චිත්‍රපටිය නිර්මාණය කර ඇති බවයි.

'අපහාසයක්'

එම චිත්‍රපටිය හෙට දින (06) මහජන ප්‍රදර්ශනය සඳහා තිරගත කිරීමට නියමිත බව කියා සිටින පැමිණිලිකාර හිටපු මහේස්ත්‍රාත්වරයා එසේ තිරගත වුනොත් තමාට මෙන්ම මෙරට සමස්ත අධිකරණ පද්ධතියට ම අපහාසයක් සිදු වන බවයි කියා සිටින්නේ.

මේ හේතුවෙන් අදාළ චිත්‍රපටිය තිරගත කිරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පැමිණිලිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනය සඳහා මුදාහැරීම වළක්වාලමින් ලබන 19 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කළේය.

එදිනට මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අධිකරණය විත්තිකාර චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර