ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආසියාව ලෝක මූල්‍ය පරිපාලනයේ 'කේන්ද්‍රීය ලක්ෂය වේවි'

ඉදිරි කාලය තුළ ලෝක ආර්ථික මූල්‍ය පරිපාලනයේ කේන්ද්‍රීය ලක්ෂය ආසියාව වනු ඇති බවට සැකයක් නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ බැංකොක් නුවර පැවැත්වෙන දෙවැනි ආසියානු සහයෝගිතා සංවාද (ACD) රාජ්‍ය නායක සමුළුව අමතමිනි.

සංචාරක කර්මාන්තය විෂයයෙහිලා ආසියානු සහයෝගිතා සංවාද සමුවේ ඇති වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා එය තිරසාර සමාජ, සංස්කෘතික හා ආර්ථීක වර්ධනයෙහි ලා සුවිශේෂී භූමිකාවක් ඉටු කරන බවයි සඳහන් කළේ.

"සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාව හඳුනාගන්නේ රටේ ආර්ථීකයේ ප්‍රේරණය සඳහා වූ මූලික අංගයන්ගෙන් එකක් ලෙසයි," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

"විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනය ආර්ථීක සංවර්ධන ප්‍රවර්ධනයෙහිලා වැදගත් අංගයක් ලෙස අපි සළකන්නෙමු."

නව සොයාගැනීම්

ශ්‍රී ලංකාව විද්‍යාවේ, තාක්ෂණයේ හා නව සොයා ගැනීම්වල 'ස්ථම්භයක් ලෙස' මග පෙන්වනු ඇති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

එම ක්ෂේත්‍රයන්හි දැනුම් හැකියාව සාමාජික රටවල් සමග බෙදා ගැනීමට ශ්‍රී ලංකාව සුදානමින් සිටින බවත් ඔහු පැවසීය.

"එබැවින් විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කලාපයේ රටවල් අතර දැනුම වර්ධනය කර ගැනීම සඳහා වඩ වඩාත් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද මෙම මෙහිදී යෝජනා කර සිටිමි," ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේය.

ආසියාවේ සහ මැදපෙරදිග රටවල නියෝජිතයන් තිස් හතර දෙනෙක් ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට සහභාගී වී සිටිති.