කරුණාරත්න පරණවිතාන මාධ්‍ය හමුව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සමාජ ශාලා ගැටුම: ජනපතිගෙන් පොලිසියට නියෝගයක්

  • 2016 ඔක්තෝබර් 12

පසුගිය සෙනසුරාදා (08 වෙනිදා) අලුයම කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිසියට උපදෙස් දී ඇති බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බීබීසි ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ජනපති පුත්

ජනපති පුත් දහම් සිරිසේන සහ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් මෙම ගැටුමට මුල්වූ බවට පසුගියදා වාර්තා පළවිණ.

" ජනපති පුත් දහම් සිරිසේන ගැන සමහර අය චෝදනා නගනවා. සමහර අය කියනවා දහම් හිටියේ නැහැ කියලා, ඒ නිසා ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් පුර්ණ පරීක්ෂණයක් සිදුකරන්න" යැයි පැවසූ වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා, ජනාධිපති විමර්ශන ඒකකය ද මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව සඳහන් කළේය.

සෙනසුරාදා අලුයම හටගත් එම ගැටුම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.