‘මල්වානේ ඉඩම’ වෙන්දේසිකරන්නැයි අධිකරණයෙන් නියෝග

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට චෝදනා නැගුණු මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවිකරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ අද (ඔක්. 14) නියෝග කළේය.

මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර දහසයක ඉඩම සහ නිවස තමාගේ නොවන බව හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම අදාළ ඉඩමේ වත්මන් ලියාපදිංචි අයිතිකරු ද පසුගියදා අධිකරණයට දැනුම් දුන්හ.

එම ඉඩම සහ නිවස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අයථා ලෙස උපයාගනු ලැබ ඇති බවට චෝදනා එල්ලකරමින් මෙම නඩුව පවරා තිබිණ.

හිමිකරුවකු නොමැති අදාළ ඉඩම සහ නිවස ප්‍රසිද්ධියේ අලෙවිකිරීමෙන් පසු එම මුදල පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය භාරයට පත්කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව ලබන ජනවාරි මස 10 වෙනිදා නැවත කැදවනු ඇත.