අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට ආණ්ඩුවෙන් චෝදනා

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට ආණ්ඩුවෙන් චෝදනා

සිය ඉල්ලා අස්වීම භාරදී ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියවන දිල්රුක්ෂි වික්‍රමසිංහට අද ආණ්ඩුවෙන් දැඩි චෝදනා එල්ල විය.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අදාළ චෝදනා එල්ල කළේ, ඊයේ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි කියන කරුණු පදනම් කර ගනිමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන්ට ඩුබායි නගරයේ බැංකු ගිණුම් තිබී යැයි සඳහන් චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරුණු පරීක්ෂණ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාපිළිවෙත නිසා අඩපණවූ බවට චෝදනා නැගූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, වරක් ජනාධිපතිවරයා අත්සන් කළ රහස්‍ය ලේඛනයක තොරතුරු ද ඇය මාර්ගයෙන් පිටතට නිකුත්වී ඇතැයි පැවසීය.

"ගෝඨාභය අධිකරණයට ගෙනයාම විවේචනය කළේ නැහැ"

රාජ්‍ය මාධ්‍ය

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට පැමිණවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ නොකළ බව ඔහුගේ කතාව ඇතුළත් සම්පුර්ණ වීඩියෝව නරඹන ඕනෑම අයෙකුට දැකිය හැකි බවය.

නාවික හමුදාපතිවරුන් අධිකරණයට ගෙනයාම පිළිබඳව කළ ඒ ප්‍රකාශයට ගෝඨාභය රාජපක්ෂ ද එකතු කළේ මාධ්‍ය බවට ඇමති රාජිත සේනාරත්න චෝදනා නැගීය.

රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරීත්වය ද ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට බඳුන්වූ බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර