සර්පයෝ ගොවියන්ගේ මිතුරෝ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සර්පයන් ඇල්ලීම විනෝදාංශය කරගත් සලීම්

සර්පයන් ඇල්ලීම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෝපාල් නගරයේ වෙසෙන සලීම් ඛාන් ගේ විනෝදාංශයයි.

පසුගිය වසර තිහ මුළුල්ලේ සර්පයන් අල්ලන ඔහු සෑම මාසයකම ඔවුන් කැලයට මුදා හැරියේය.

මෑතදී 'පන්ච්මාදි' කැලෑවට ගිය ඔහු නයින්, ගැරඬින් සහ පොළඟුන් මල්ලක්ම මුදා හළේය.

ඒ සර්පයන් මල්ලෙන් එලියට පැමිණ කැලයට ඇදී යන ආකාරයයි මේ වීඩියෝ පටයේ දක්නට ලැබෙන්නේ.

සර්පයන් මිනිසාගේ සතුරන් නොවන බව පවසන සලීම් ඛාන් මීයන් අල්ලන බැවින් ඔවුන් ගොවියන්ගේ මිතුරන් බවත් පවසයි.

සබැඳි විෂයයන්