ජනාධිපති
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘මාධ්‍ය මිත්‍රයන්ට’ ජනපතිගෙන් ප්‍රශ්නයක්

  • 2016 ඔක්තෝබර් 26

තමා ඇතුළු ආණ්ඩුව නිර්දය ලෙස විවේචනය කිරීමට මාධ්‍ය ආයතන වෙත තමා ඉඩ දී ඇති බවත් එවැනි නිදහස් වාතාවරණයක් ඇතිකර දීම පිළිබඳ සතුටුවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

"2015 ජනවාරි 08 වනදාට පෙර ඔය ගහන අයට ඔය ආකාරයේ පිට කොන්දක් තිබුණා නම්, ඔය වීරත්වය තිබුණා නම්, ඔය දක්ෂකම තිබුණා නම් කොපමණ හොඳද කියලා මම අහනවා" යැයි ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමයේ හැට එක් වෙනි සංවත්සර උළෙල අමතමිනි.

පැවති ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට විඳීමට සිදු වූ 'බරපතළ ඛේදවාචක සහ එම යුගය' සිහිපත් කරමින් තමා විවේචනය ලක්කරන ලෙස ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.