විශ්‍රාම ගිය පසුවත් මාසික වැටුප
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විශ්‍රාම ගිය පසුවත් මාසික වැටුප

ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයින් විශ්‍රාම ගැනීමෙන් පසුව ද ඔවුනගේ මාසික වැටුප ජීවිත කාලය පුරා අඛණ්ඩව ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයකට රජය එළැඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම යෝජනාව 2017 අයවැයට ඉදිරිපත් කිරීම සඳහා පසුගිය වසරේදී රජය තීරණයකට එළැඹ සිටියදී ඇතැම් පිරිස්වල අවශ්‍යතාව මත උද්ඝෝෂණ දියත් කෙරුණු බව කී ජනාධිපතිවරයා ඇතැම් රාජ්‍ය නොවන ආයතනවලට අවශ්‍ය පරිදි ජාතික ආරක්ෂාව හැසිරවීමට තමා සූදානම් නැති බව අවධාරණය කළේය.

මේ අතර, පසුගියදා පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී තමන් කළ කතාව විකෘති කළ ඇතැම් මාධ්‍ය පහත් ලෙස හැසිරුණු බවට ද ජනාධිපතිවරයා චෝදනා නැගීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ කරුණු සඳහන් කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ඊයේ (ඔක්. 27) පස්වරුවේ පැවැති වීර සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.