යාපන ශිෂ්‍යයන් සහ ජනපති, අගමැති හමුවක්

යාපන විශ්ව විද්‍යාලයේ නියෝජිතයන්ට හෙට දහවල් කොළඹ දී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, විපක්ෂනායකවරයාත් එකවර මුණගැසීම සඳහා අවස්ථාව සලසා දෙන බවට පුනරුත්තාපන කටයුතු පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් ප්‍රතිඥා දුන්නේය.

අමාත්‍යවරයා එම ප්‍රතිඥාව දී තිබෙන්නේ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ සිසුන් සමග පැවැත්වූ සාකච්ඡාවකදීයි.

එම තීරණයෙන් අනතුරුව යාපන විශ්ව විද්‍යාලයේ සිසුන් දියත් කර තිබූ විරෝධතාවය අත්හිටුවා තිබෙන අතර, සාකච්ඡාවට සහභාගි වන විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ සහ ශිෂ්‍ය කණ්ඩායම්වල නියෝජිතයින්ද මේ වන විට නම් කර තිබේ.

ඊට පෙරාතුව විශ්ව විද්‍යාලයට ඇතුළුවිය හැකි සියලු ගේට්ටු වැසූ යාපන විශ්ව විද්‍යාලයේ සිසුහු විරෝධතා ව්‍යාපාරයක් ඇරඹූහ.

පොලිස් වෙඩි පහරින් මියගිය සිසුන් දෙදෙනා වෙනුවෙන් මෙතෙක් සාධාරණය ඉෂ්ඨවී නැති බව ඔවුහු පවසති.

සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ ඉතා ඇල්මැරුණු ස්වරූපයක් පෙන්වීම සහ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙසේ විරෝධතාවයක් ඇරඹූ බවත් සිසුහු පැවසූහ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර