අමරදේව අහිමි වෙයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අමරදේව අහිමි වෙයි

භාෂාවක යොදාගත හැකි උපරිම වචන යොදාගනිමින් අගය කළත් අගය කියා නිමකළ නොහැකි, ඇතැම්විට භාෂාවේ පවතින වචන පවා ඒ සඳහා ප්‍රමාණවත් නොවන මහාපුරුෂයන් මිනිස්වර්ගයා අතර පහළවීම ඉතා දුර්ලභයි.

අප අද එම වචන කීපය කැප කරන්නේ අප අතර ඉපිද අපේ දුක්ඛ දෝමනස්සයන් හමුවේ අප සැනසූ මහාගාන්ධර්වයානන් වෙනුවෙන්.

ඔහු අද අපට අහිමි වූ පණ්ඩිත් අමරදේවයන්.

ඔහු අපෙන් සමුගත්තේ අද (නොවැම්බර් 03)උදේ වරුවේ.

බීබීසිය පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත චාරිකාව ඔහුගේ සහ වෙනත් රසකාමී විද්වතුන්ගේ සහභාගිත්වයෙන් ගුවනට මුසුකළේ එම් ජේ ආර් ඩේවිඩ්ගේ සම්පාදනයෙන් විකාශනය කෙරුණු හිමව් අරණ විශේෂාංගය මගින්.

අමරදේවයන් බීබීසී සන්දේශය සමඟ වැඩසටහන් කීපයකටම දායක විය.

චන්දන කීර්ති බණ්ඩාර සම්පාදනය කළ පොතකින් පිටුවක් සඳහා අප විද්වත් ගාන්ධර්වයණන් හවුල් වුනේ 2013 වසරේ ජනවාරි මාසයේ.

අමරදේවයන් රටක ජනසමාජයකට කලාතුරකින් පහළ වන මහා පඬිවරයෙකි. ඔහු තමා ප්‍රගුණ කළ ගීතය සහ කවිය අතර වෙනස තේරුම් ගත් කවියා සහ ගායකයාද වෙයි.

අමරදේවයන්ගේ ප්‍රියතම වාද්‍ය භාණ්ඩය වයලීනයයි.

අමරදේව අහිමි වුනේ ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව ඔහු අහිමි වුනේ භාෂා ප්‍රභේදයෙන් තොරව මියැසි රස සොයන සමස්ත ලෝකයටයි

ඔහු අපෙන් සමුගෙන ගියේ ලෝකයට මිනිසකුගෙන් ඉටුවිය යුතු මහා මෙහෙයක් සාධනීය කරමින්.