විමල් වීරවංශගේ දියණියගෙන් ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්

  • 2016 නොවැම්බර් 4
Image copyright kasun fernando
Image caption නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේ තරුණයකු මිය යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වන "සදාචාර විරෝධී" වාර්තා පිළිබඳව විමල් වීරවංශගේ දියණිය ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කළ බව ඇය සමග පැමිණි නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත පවසයි.

තරුණයා මිය යාම පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ පහළොස් හැවිරිදි දියණියගේ නම එම සිදුවීමට ඈඳා ගනිමින් ඇතැම් සමාජ ජාල, වෙබ් අඩවි සහ මාධ්‍ය මගින් පළකරන වාර්තා හේතුවෙන් ඇයට බරපතළ මානසික හිංසනයන් සිදුවන බව ඔහු පැවසුවේය.

"මේ දැරියට කරන මේ අපහාස නිග්‍රහ ඉතාමත් වැරදියි, නීති විරෝධියි, මේකෙන් දේශපාලන වාසි ගන්න එපා, අද වෙනකොට මේ දියණියට පාසල් යන්න බැරි වෙලා තියෙනවා," ඔහු පැවසීය.

අදාළ සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව විමර්ශනයක් පවත්වන බවට ජාතික ළමාරක්ෂක අධිකාරිය පොරොන්දු වූ බවත් ඔහු පැවසීය.