වකුගඩු ජාවාරම: ඉන්දීය සැකකරුවෝ හත්දෙනාම පලා යති

  • 2016 නොවැම්බර් 9
Image caption මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණ සිය වකුගඩු පරිත්‍යාග කළ බව පිළිගෙන ඇතැ'යි පොලිසිය මිට පෙර අධිකරණයට දන්වා තිබුණි

වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ සිටි ඉන්දීය සැකකරුවන් හත්දෙනා පලා යාම පිළිබඳව කරුණු දක්වන ලෙස මිරිහාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මිරිහාන රැඳවුම් කඳවුරේ මොවුන් රඳවා සිටි අතර සැකකරුවන්ට විශේෂ පොලිස් ආරක්ෂාව සපයන මෙන් අධිකරණය මීට ඉහතදී මිරිහාන පොලිසියට නියම් කර තිබුණි.

Image caption කොළඹ තාවකාලික ලැගුම් හලක රැඳී සිටියදී අත් අඩංගුවට ගත් සැකකරුවන්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවූ බව කියන නීති විරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට පත්වුණේ ඉකුත් මාර්තු මාසයේදීය.

කොළඹ තාවකාලික ලැගුම් හලක රැඳී සිටියදී අත් අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනාගෙන් එක් අයෙකු මීට ඉහතදී පලා ගොස් තිබුණි.

මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණ සිය වකුගඩු පරිත්‍යාග කළ බව පිළිගෙන ඇතැ'යි පොලිසිය මිට පෙර අධිකරණයට දන්වා තිබුණේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්