''ඉන්දියාවේ සහෝදරත්වය පවතිනතාක් හමුදා කුමන්ත්‍රණයකට ඉඩ නැහැ''
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ඉන්දියාවේ සහෝදරත්වය පවතිනතාක් හමුදා කුමන්ත්‍රණයකට ඉඩ නැහැ"

ඉන්දියාව සහ වත්මන් ආණ්ඩුව අතර පවතින මිත්‍රත්වය සහ විශ්වසනීයත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට කිසිදු ඉඩක් නොමැති බව අමාත්‍ය එස්බී දිසානායක පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ හමුදා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් ඊයේ (නොවැම්බර් 19) පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

ඒකාබද්ධ විපක්ෂයේ හඬට සවන් නොදෙමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යට යමින් තිබෙන බවත් එවැනි වාතාවරණයක් හමුවේ හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට ඉඩ ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අනතුරු හැඟවීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ එම ප්‍රකාශය එස්බී දිසානායක ඇමතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකා හමුදාවට සිදු කරන ලද අපහාසයක් ලෙසය.

මේ අතර වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය රාජිත සේනාරත්න ශ්‍රී ලංකාව තුළ හමුදා කුමන්ත්‍රණයකට ඉඩක් නොමැති බව අවධාරණය කළේය.