ICC ශ්‍රී ලංකාවට දඩ පනවයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ (නොවැ.23) පැවැති එක්දින තරගයේදී තමන්ට නියමිත පන්දුවාර 50 නිසි වේලාව තුළ නොයැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩමුදලක් පැනවීමට තීරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දුන් ආකාරයට නියමිත කාලය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම යවා තිබුණේ පන්දුවාර 48 ක් පමණි. ඒ අනුව දඩ මුදලක් පැනවීමට තරග තීරග ජවගල් ශ්‍රීනාත් පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ උපුල් තරංගගේ තරග ගාස්තුවෙන් 40% ක මුදලකුත් සෙසු ක්‍රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් 20% ක මුදලකුත් දඩ ලෙස අයකර ගනු ඇත.

ඊයේ පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් ලකුණකින් පරාජයකර තුන්කොන් තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීය.

හෙට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ අතර තරගයේ ජයග්‍රාහකයා ලබන ඉරිදා දිනට යෙදී ඇති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව සමග තරග වදිනු ඇත.