තුන්කොන් සටනේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

Image copyright AFP
Image caption පන්දු වාර 36.3ක් ඇතුළත සිම්බාබ්වේ පිලේ සියලුම පිතිකරුවන් දවා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය

සිම්බාබ්වේහි පැවති තුන්කොන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් වාර්තා කරයි.

අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 36.3ක් ඇතුළත දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ වනවිට සිම්බාබ්වේ කණ්ඩායම වාර්තා කර තිබුණේ ලකුණු 160ක් පමණි.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 4 ක් දැවී ලකුණු 166ක් වාර්තා කිරීමට ගතවූයේ පන්දු වාර 37.3ක් පමණි.

Image copyright AFP
Image caption සිම්බාබ්වේ පිලට ලබා ගත හැකිවූයේ ලකුණු 160ක් පමණි

පන්දු යැවීමේදී කැපී පෙනුණු අසේල ගුණරත්න පන්දු වාර 4ක් සහ පන්දු තුනක් යවමින් ලකුණු 10කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුණේය.

කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග ලකුණු 57 බැගින් ලබා ගනිමින් පිතිකරුවන් අතරින් කැපී පෙනුණි.

මෙම තුන්කොන් තරගාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර