'කරුණා අම්මාන්' රිමාන්ඩ්

කරුණා Image copyright Getty Images

රජයේ දේපළ අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ පසුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකු මෙන්ම හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් දෙසැම්බර් 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

වෙඩි නොවදින රජයේ වාහනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නැගුණු චෝදනාවකට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබිණි.

ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

Image caption හිටපු අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් විසින් භාවිත කොට ඇතැයි විශ්වාස කෙරෙන වෙඩි නොවදින මෝටර් රථය

රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් වෙඩි නොවදින ජීප් රථයක් මඩකලපුව ප්‍රදේශයේ ගරාජයක තිබී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගියදා සොයා ගනු ලැබූ අතර එය විනායගමූර්ති මුරලිදරන් හිටපු ඇමතිවරයා භාවිතා කළ රථයක් බව විශ්වාස කෙරේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්