අන්තරේ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විශ්ව විද්‍යාල සිසු විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාර

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පා ගමනට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

අද (නොවැ.29) කැලණිය විශ්ව විද්‍යාලය අසලින් පා ගමන ආරම්භ කළ සරසවි සිසුන් බත්තරමුල්ල බලා පැමිණි අතර පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේදී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය පියවර ගත්තේය.

විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ බොරැල්ල, රාජගිරිය සහ බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇති වී තිබිණි.