විවාදය මැද ඇසුනු කතා
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විවාදය මැද ඇසුනු කතා

මෙවර අය වැය යෝජනා යටතේ වැඩිහිටි දීමනාවෙන් රුපියල් සියයක මුදලක් කපා ගැනීම පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ එම අරමුදල් වැඩිහිටියන්ගේ සුභ සාධනය වෙනුවෙන් යොදවන බවය.

මේ අතර සිය අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන ජනතාවට ආණ්ඩුව බැටන් ප්‍රහාර එල්ල කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර චෝදනා කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ කොපමණ විරෝධතා දැක්වුවත් ආණ්ඩුව විසින් තමන්ට වෙඩි නොතබන බව උද්ඝෝෂණකයින් හොඳින්ම දන්නා බවය.