ලිංගික හිංසනය: ‘කෝච්චියේදි දවසක් මිනිහෙක් මගේ බඩටත් පහලින් අත තියාගෙන’

ලිංගික හිංසනය: ‘කෝච්චියේදි දවසක් මිනිහෙක් මගේ බඩටත් පහලින් අත තියාගෙන’

දුම්රියේදී, බස් රථයේදී, මහමගදී, වැඩපොලේදී නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරු වන ලාංකීය කාන්තාවගේ වේදනාබර අත්දැකීම.

"දවසක් මම කෝච්චියේ අල්ලගන්න තැනක් නැතිව දෙපැත්තට විසිවෙනකොට මගේ දෙපැත්තේ හිටපු මිනිස්සු දෙන්නෙක් මගේ පියයුරු අල්ලනවා."

"පොඩ්ඩකට පස්සේ බලනකොට තව එකෙක් මගේ බඩටත් පහලින් අත තියාගෙන." (සම්පූර්ණ විස්තරය මේ පිටුවේ)

"දවසක් මම යාලුවෙක් එක්ක බස් එකේ යද්දී වැඩිහිටි මිනිහෙක් ළඟ වාඩි වුනා. මම හැරිලා බලනකොට ඒ මිනිහ මා දිහා බලාගෙන සීට් එකේම ස්වයං වින්දනයේ යෙදෙනවා."

"මා හිතන්නේ ලංකාවේ හැම ගැහැනියක්ම වචනෙකින් හරි පිරිමින්ගෙන් හිරිහැරයට ලක් වෙලා."(සංදේශයට සවන්දෙන්න)

"ඇත්තටම පිරිමි මෙතරම් අසහනයෙන් ඉන්නේ ඇයි? කෙල්ලෙක්ගේ කකුලක් දැකපු ගමන් ඇවිස්සෙන්නේ ඇයි? කෙල්ලෙක්ව රේප් කරලා මරලා දාන්නේ ඇයි? අපේ අධ්‍යාපනේ අවුලද? සෙක්ස් එඩියුකේෂන් නොතිබීමද? අපේ සංස්කෘතියේ අවුලද? අපේ චින්තනයේ අවුලද?"

(බීබීසී ලෝක සේවය වසරක් පාසා දියත් කරන 'ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ - ලොවින් අඩක් ඔබ අමතයි' වැඩසටහන වෙනුවෙන්)