"මන්ත්‍රීවරු 223 දෙනෙක් වාහන බලපත්‍රය ලබාගෙන"

  • 2016 දෙසැම්බර් 1
Image caption 'එය දැනට ලබා ගෙන නැත්තේ' ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් බව

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 223 දෙනෙකු ඔවුන්ට ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාගෙන ඇති බව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක පවසයි.

රජය විසින් නිකුත් කරනු ලබන වාහන බලපත් භාරගැනීම අනිවාර්ය නොවන බැවින් ඒ පිළිබඳව තීරණයක් ගැනීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව තිබූ බවද ජනමාධ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මේබව කියා සිටියේ ඊයේ (නොවැ. 30) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම බලපත්‍රය ලබාගෙන ඇත්දැ'යි නැගුණු ප්‍රශ්නයකට ඇමතිවරයා පැවසුවේ තමන්ට ප්‍රකාශ කළ හැක්කේ 'එය දැනට ලබා ගෙන නැත්තේ' ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් බවය.

මන්ත්‍රීවරුන්ට අලුතින් ලබාදීමට තීරණය වූ රුපියල් ලක්ෂයක යෝජිත කාර්යාල දීමනාව ඒකාබද්ධ විපක්ෂය ලබා නොගන්නා බවට පවසා තිබෙන බව මාධ්‍යවේදියෙක් පැවසූ විට ගයන්ත කරුණාතිලක ඇමතිවරයා පැවසුවේ 'එසේනම් එය ඔවුන්ට නොගෙන සිටිය හැකි' බවයි.

මන්ත්‍රීවරුන් වෙනත් පාර්ශවවලින් මුදල් ලබාගෙන කාර්යාල ආදිය පවත්වාගෙන යාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර