"ජාතික ගැටළුව විසඳීමේ දී දේශපාලකයන් දෙබිඩි පිළිවෙතක"

ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් දේශපාලඥයන් බලයේ සිටින විට එක් ආකාරයකටත් බලයට ඒමට එය තවත් ආකරයකටත් භාවිත කිරීම ජාතියේ අවාසනාව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ අද (දෙසැ01) පාර්ලිමේන්තුවේ ජාතික සංවාද අමාත්‍යංශයේ අයවැය විවාදයේ දී දේශපාලන විසඳුම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ස්ථාවරය පිළිබඳ අදහස් දක්වමින්.

ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා සියළු පාර්ශවවල සහාය ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම ගැටළුවට ලබාදීමට උත්සහ කරන විසඳුම සම්බන්ධයෙන් විවිධ බොරු තොරතුරු පතුරුවා එය කඩාකප්පල් කිරීමේ උත්සාහයක ඇතමුන් යෙදී සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දුණි.