කුමාර් ගුණරත්නම් නිදහස ලබයි

Image caption ඔහු ජනතා විමුක්තිපෙරමුණට සම්බන්ධවී සිටියද ඔහු කවුදැයි නොදන්නා බව ජවිපෙ නායක අනුරකුමාර දිසානායක රුපවාහිනී වැඩසටහනකදී පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පුරා වසරක කාලයක් බන්ධනගාර ගතව සිටීමෙන් පසු අද (02)නිදහස ලැබීය.

පසුගිය වසරේදී කෑගල්ලේ පිහිටි ඔහුගේ මවගේ නිවසේදී අත්ඩංගුවට පත්වූයේ වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ වරදටයි.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටි කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් වන අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා සිටියේ අනුරාධපුර බන්ධනාගාරයේය.

ඔහු ජනතා විමුක්තිපෙරමුණට සම්බන්ධවී සිටියද ඔහු කවුදැයි නොදන්නා බව ජවිපෙ නායක අනුරකුමාර දිසානායක රුපවාහිනී වැඩසටහනකදී පැවසීය.

පසුගිය ජනපතිවරණ සමයේදී ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලන කටයුතුවල යෙදෙමින් සිටි කුමාර් ගුණරත්නම්ට තාවකාලික වීසා නිකුත් කර ඇති බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලකට අද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.

බීබීසී යෙන්