බැසිල්ට යළිත් නඩු

Image copyright AFP
Image caption වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස තුනක කාලයක් රටින් පිටව සිටීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂට අවසර

දිවි නැගුම අරමුදල් අවභාවිත කළ බවට ගොනුකර තිබූ චෝදනාවලින් ඊයේ නිදහස් කෙරුණු හිටපු ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා අද (දෙසැ. 07) එම චෝදනා යටතේම නඩු පැවරුවේය.

අදාළ නඩුව ඊයේ කොළඹ මහාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නඩු ගොනුව ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ පැමිණිල්ලේ තාක්ෂණික දෝෂ ඇති බව පවසමිනි.

චෝදනා පත්‍ර ඉල්ලා අස්කරගැනීමට ඉඩ දෙමින් විත්තිකරුවන් නිදහස් කළ අධිකරණය, බැසිල් රාජපක්ෂ විදෙස්ගතවීම වළකාලමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද නියෝග කළේය.

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස තුනක කාලයක් රටින් පිටව සිටීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර