අන්තර්ජාල බදු: '30% කින් භාවිතය පුළුල් කිරීමට බාධාවක්'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අන්තර්ජාල බදු: 'භාවිතය පුළුල් කිරීමට බාධාවක්'

අන්තර්ජාල භාවිතය සඳහා මෙවර අයවැයෙන් පනවා තිබෙන බදු, ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය භාවිතය ව්‍යාප්ත කිරීම සඳහා බාධාවක් බව මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වාදෙයි.

ආණ්ඩුව පනවා ඇති නව බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ දැනට අන්තර්ජාලය භාවිතා කරන 30% පමණ පිරිස වැඩිකර ගැනීමට අපහසු වනු ඇති බවත් මහාචාර්යවරයා බීබීසී සංදේශයට පැවසීය.

අන්තර්ජාල ක්‍ෂේත්‍රයේ දියුණුව සඳහා විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයට ලබාදෙන මුදල පසුගිය වසරට වඩා පස් ගුණයකින් වැඩිකර ඇති බව පෙන්වාදෙන මහාචාර්ය රොහාන් සමරජීව එවන් අවස්ථාවක මෙවැනි බදු පැනවීමක් සිදුකිරීම ගැටළුකාරී තත්වයක් බව පෙන්වාදුන්නේය.

අනිකුත් රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය අඩුවීම හේතුවෙන් පසුගිය ආණ්ඩුව සමයේ අන්තර්ජාල භාවිතය ප්‍රවර්ධනයට බදු සහනයක් ලබාදී තිබු බවද මහාචාර්යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම බදු පැනවීම හේතුවෙන් අන්තර්ජාල භාවිතය අඩුවීමක් ඇතිවීම වැළැක්විය නොහැකි බව පැවසූ ඔහු, මධ්‍යසාර සහ දුම්කොළ භාවිතය අධෛර්යමත් කිරීම සඳහා බදු පනවන ආකාරයට අන්තර්ජාලය සඳහා ද බදු පැනවීමෙන් වලකින මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.