හමුදාව හැර ගිය විශාල පිරිසක් යළි භාරවෙති

ශ්‍රී ලංකා හමුදාව Image copyright AFP

හමුදාව හැර ගිය සොල්දාදුවන්ට යළි භාරවීම පිණිස පසුගිය දෙසැම්බර් පළමු වැනි දින පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව 2000 කට ආසන්න පිරිසක් එයට ප්‍රතිචාර දක්වා ඇති බව ශ්‍රී ලංකා හමුදාව පවසයි.

පොදු සමා කාලයේ පළමු දින දහය ඇතුලත හමුදා නිලධාරීන් දෙදෙනකු සහ සොල්දාදුවන් 1584 දෙනකු නීත්‍යානුකූල වශයෙන් සේවයෙන් ඉවත්වීම පිණිස ඉල්ලුම් කර තිබෙන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

එයට අමතරව ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකු, ගුවන් හමුදා භටයන් 67 දෙනකු සහ නාවික හමුදා භටයන් 162 දෙදෙනකු නීත්‍යානුකූලව සේවය හැර යාම පිණිස ඉල්ලුම් කර තිබේ.

දෙසැම්බර් 31 වැනි දින පොදු සමා කාලය නිමාවීමට ප්‍රථම අදාළ හමුදාව වෙත වාර්තා කරන මෙන් හමුදා බලධාරීහු හමුදාව හැර ගිය පිරිසගෙන් ඉල්ලීමක් කරති.

පොදු සමා කාලය තවදුරටත් දීර්ඝ නොකරන බව අවධාරණය කරන හමුදා ප්‍රකාශකවරයා, පොදු සමා කාලය අවසානයේ තවදුරටත් නීතිවිරෝධී ලෙසින් පලා ගොස් සිටින පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අවධාරණය කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර