තාජුදීන් ඝාතනය: අනුර සේනානායක යළිත් රිමාන්ඩ්

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක Image copyright SriLankaMirror

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහුගේ වාහනය පසුපසින් ගමන් ගත් තවත් සැක කටයුතු වාහනයක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඝාතනය සම්බන්ධ විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ කරුණු දැක් වූ රහස් පොලීසිය, එම වාහනය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් සඳහන් කළේය.

ඝාතනය සිදු වූ දිනයේ ජනාධිපති කාර්යාලයෙන් නිකුත් වූ දුරකථන ඇමතුම් කිහිපයක් ගැන පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, සැකකරුවන් ලෙස ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා ලබන 26 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර