"කන්චායුධ"- ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ දැවැන්තම භූමිකා නිරූපණ පරිගණක ක්‍රීඩාව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කන්ඡායුධ: ශ්‍රී ලංකාවේ 'දැවැන්තම භූමිකා නිරූපණ ක්‍රීඩාව'

ශ්‍රී ලාංකික පසුබිමක් සහිත කථා පුවතක් අනුව නිර්මාණය කෙරුණු 'කන්ඡායුධ' නම් පරිගණක ක්‍රීඩාව මේ දිනවල ශ්‍රී ලංකික සමාජ ජාල වෙබ් අඩවිවල සංවාදයට බඳුන් වී පවතී.

ශ්‍රී ලාංකික තරුණයන් 25 දෙනකුගේ නිර්මාණයක් වන මෙම පරිගණක ක්‍රීඩාව ක්‍රියාත්මක වෙන්නේ සිංහල භාෂාවෙන් පමණයි.

ඩේලි මිරර් පුවත්පතට අනුව 'කන්ඡායුධ' ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ දැවැන්තම භූමිකා නිරූපණ පරිගණක ක්‍රීඩාවයි.

එය අන්තර්ජාලයෙන් නොමිලේ බාගත කර ගත හැකි පරිදි මුදාහැර තිබීමත් විශේෂත්වයකි.

'කන්ඡායුධ' ක්‍රීඩාව නිර්මාණය කිරීමට නායකත්වය දුන් චමීර ජයසිංහ සමග බීබීසී සංදේශය කළ සංවාදය ඉහත වීඩියෝවෙන් නරඹන්න.

සබැඳි විෂයයන්