හලාවත උද්ඝෝෂණ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හලාවත වතු කම්කරුවෝ වීදි බසිති

ප්‍රසාද දීමනා සහ රජයෙන් වැඩිකළ වැටුප ඉල්ලමින් හලාවත වැවිලි සමාගමට අයත් වතු කීපයක සේවකයෝ අද (දෙසැ 20) හලාවත වැවිලි සමගම ඉදිරිපිට උද්ගෝෂණයක නිරත වූහ.

ලංකා වතු සේවක සංගමය සහ ප්‍රධාන වතු අංශයේ වෳත්තිය සමිති කීපයක නායකයෝ මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටියහ.

සෑම වසරක දීම ලබා දුන් රුපියල් දසදහසක ප්‍රසාද දීමනාව මෙවර කප්පාදු කිරීමට රජය තීරණය කර තිබීම හෙළා දකින බව ප්‍රකාශ කළ ලංකා වතු සේවක සංගමයේ උප සභාපති චතුර සමරසිංහ ලංකාවේ වතු අංශයේ කඩා වැටීමක් පවතින බවද ප්‍රකාශ කළේය.

හාල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති විටක රජය සේවකයන්ගේ අයතීන් කප්පාදු කරමින් වැටුප් සහ දීමනා කපා හැරීම සේවකයන්ගේද විවේචනයට ලක් විය.