අපේ ඉඩම් චීනෙට දෙන්නේ ණෑ - හම්බන්තොට ජනතාව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීනය, ඉන්දියාව, ඇමරිකාව, අපේ රට ගිලගන්න එනවා - ලාල්කාන්ත

  • 2016 දෙසැම්බර් 23

හම්බන්තොට ජනතාවට අයත් ගම් බිම් චීන ආයෝජකයින්ට ලබා දිමට රජය ගෙන ඇති පියවරට තවදුරටත් විරෝධය දක්වමින් කැති, උදළු, පොරෝ, නගුල්, කොසු සහ ඉදල් රැගත් විරෝධතාකරුවන් පිරිසක් හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක නියැලුනහ.

හම්බන්තොට මත්තල ගුවන්තොටුපල මාර්ගයේ ගුවන් පාලම පිවිසුම් මාර්ගය අසල සිට කිලෝමිටර් 2 ක් පමණ විරෝධතා පා ගමනින් පැමිණි එම පිරිස හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටට පැමිණ සිය උපන් ගම් බිම් හැරදා යැමට නොහැකි බව පවසමින් සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවය පළකළහ.

ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම් කරු කේ.ඩී ලාල් කාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිද මෙම විරෝධතාවය සදහා එක් වි සිටියහ.

හම්බන්තොට බැරගම, මහආර, අරවනමුල්ල, පහල බැරගම, මානජ්ජාව, සිසිලසගම, යන ගම්මාන වල දහසකට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක් වි සිටි අයුරු දක්නට ලැබුණි.

"මලික් සමරවික්‍රම ඇමතිතුමා සාකච්චාවක් තියලා කිවුවා ඉඩම අක්කර 15000 දෙනවා කියලා කර්මාන්ත ඇති කරනව කිවුවා, මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නය ඕක නොවෙයි ඔය කතාව සම්පුර්ණ බොරුවක් ,කර්මාන්ත මුවාවෙන් ලෝකේ බලවත්තු අපේ රට ගිලගන්න එන ක්‍රමය මේක තමයි, නැත්නම් අක්කර 15000 ක් ඕන වෙන්නේ නෑ". යනුවෙන් විරෝධතාවයට එක්වූ ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම් කරු කේ.ඩී ලාල් කාන්ත ප්‍රකාශකළේය.

"මේක දේසපාලන උවමානාවට කරන වැඩක්. අපේ රටේ පිහිටීම අනුව ඒ අයගේ දේශපාලන උවමනාවන් ආර්ථික උවමානාවන්, යුධමය උමනාවන් ස්ථාපිත කරගැනීම සදහා ඒ අයගේ බලය මේ බුමිය තුල තහවුරු කර ගැනීමටයි මේ උත්සහ කරන්නේ" යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.