රවිරාජ් ඝාතනය: විත්තිකරුවෝ නිදහස්

රවිරාජ් ඝාතන නඩුව ජූරියක් හමුවේ විභාගය ඇරඹෙයි Image copyright AFP

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

මීට වසර දහයකට ඉහතදී නඩරාජා රවිරාජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කොළඹදී වෙඩි තබා ඝාතනය කෙරිණි.

අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන මෙන් ජූරි සභාව සිකුරාදා මධ්‍යම රාත්‍රියේ ඒකමතිකව තීන්දුව කළේය.

නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයෝ තිදෙනෙක් ද වෙති.

රවිරාජ් ඝාතන නඩුව සිංහල භාෂාව කතා කරන පුද්ගලයන්ගෙන් සමන්විත විශේෂ ජූරි සභාවක් ඉදිරියේ විභාග කිරීම පසුගිය නොවැම්බර් 22 වනදා ආරම්භ විය.

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි නාවික හමුදා සෙබළුන් තිදෙනා තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සිංහල භාෂාව කතා කරන ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්