රවිරාජ් ඝාතන තීන්දුවට එරෙහිව අභියාචනයක්

රවිරාජ් ඝාතන තීන්දුවට එරෙහිව අභියාචනයක් Image copyright Getty Images

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් අධිකරණය ලබා දුන් නඩු තීන්දුවට තමන් එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පවසයි.

නඩරාජා ඝාතන නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙනලද තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව අදාළ නඩුව වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ සුමන්දිරන් වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව අදාළ නඩු තීන්දුව තුළින් තහවුරුවන බව පවසන මන්ත්‍රීවරයා යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලා සිටින්නේ ද එවැනි තත්වයක් මත බවත් සඳහන් කළේය.

රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයන් තිදෙනෙකු ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරා තිබිණි.

"රවිරාජ් මන්ත්‍රීතුමා ඝාතනය කරලා අවුරුදු දහයකට වැඩි කාලයක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් වරදකරුවන් කර නැහැ. උදේ වරුවේ ඔහු මරා දැම්මේ මහ පාරේ" පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්