රත්නසිරි වික්‍රමනායකගේ දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක Image copyright ISHARA S. KODIKARA
Image caption අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ මෘත දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට (දෙසැ.27) පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිත බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

මිය යන විට ඔහු 83 වැනි වියේ පසු විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවල අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඔහු වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන් කටයුතු කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ඔහුගේ පුත්‍රයෙකි.

සබැඳි විෂයයන්