වත්මන් ආණ්ඩුව 2016 වසර සඳහා අත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සම්පුර්ණයෙන් සෑහීමකට පත් විය නොහැකි බව අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.
ආණ්ඩුව ඉදිරියට යන්නේ අර්බුද ගණනාවක් මැදින් යැයි කී ඇමතිවරයා ආණ්ඩුවේ කොටස් කරුවන්වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතැම් දේශපාලනික කරුණු සම්බන්ධයෙන් විවිධ මත දරන බව සඳහන් කළේය.
ඔහු ඒ බව කියා සිටියේ අද (දෙසැ.27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බීබීසී සිංහල සේවය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
- 'ජනපති ප්‍රකාශය ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුමක්'
- නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම: ජනපති අප්‍රසාදය
- 'ජාතික ආණ්ඩුව' උසාවියේ
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම වැනි ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් පක්ෂ දෙක එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඇමතිවරයා පෙන්වා සෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලබන ඇතැම් කරුණු පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විවේචනය කරනු ලබන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු සියල්ල අධ්‍යනය කිරීමට අමාත්‍යවරුන්ට අවස්ථාවක් නොලැබෙන බවය.
(අමාත්‍ය එස්.බී දිසානායකගෙන් බීබීසීය නැගූ ප්‍රශ්න හා ඒ සඳහා අමාත්‍යවරයාගෙන් ලැබුණු ප්‍රතිචාර සඳහා ඉහත වීඩියෝ පටය නරඹන්න)