රත්නසිරි වික්‍රමනායක දේහය පාර්ලිමේන්තුවේ

  • 2016 දෙසැම්බර් 28
Image copyright Picasa
Image caption හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුව කරා

අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක දේහය අද (28) පැයක පමණ කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තැන්පත් කරනු ලැබ තිබුණි.

මහජන නියෝජිතයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුව කරා ගෙනයන ලද දේහය කතානායක කරු ජයසූරිය විසින් භාරගනු ලැබුණි.

අනතුරුව කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හිටපු අගමැතිවරයාට සිය අවසන් ගෞරවය දැක්වූහ.

එම අවස්ථාවට මැතිඇමතිවරුන් රැසක් සහභාගී වී සිටියහ.

Image copyright Picasa
Image caption දේහය පිළිගැනීමේ සූදානම

මේ අතර හිටපු අගමැතිවරයා වෙනුවෙන් ලබන සෙනසුරාදා ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට ගත් තීරණය වෙනස් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම ජාතික ශෝක දිනය දෙසැම්බර් 30 වැනි දා බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ආදාහනය සිදුකෙරෙන 31 දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අමාත්‍යංශය මුලින් ප්‍රකාශ කර තිබුණි .

අවමඟුල් උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙන බවත් ස්වදේශ කටයුතු භාර අමාත්‍යංශය සඳහන් කරයි.

Image copyright Picasa
Image caption අවසන් සමුගැනීමක්

රත්නසිරි වික්‍රමනායක දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා හොරණ දී පැවත්වීමට නියමිතයි.